May 17, 2024

පුවත් කලාවේ ප්‍රමුඛයා ‘අද දෙරණ’ දැන් 24 පැයේම

ජාත්‍යන්තර තලයේ පුවත් සේවාවක් ලාංකේය ප්‍රේක්ෂකයාට ලබා දීම අරමුණු කර ගනිමින් අද දෙරණ 24 පැයේ පුවත් නාලිකාව අද පෙරවරුවේ විකාශන කටයුතු ආරම්භ කළේය. 

ඩයලොග් රූපවාහිනී නාලිකා ජාලයේ 13 න් වන චැනලය ලෙස අද දෙරණ තම මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද්දේ කොළඹ ඩාලි පාරේ පිහිටි තම නව මැදිරි සංකීර්ණයේ සිටය.

දැනට වසර ගණනාවකට පෙර අපේ දේ රැකගෙන - අලුත් දේ අරගෙන පවර් හවුස් ආයතනය ඔස්සේ තම සම්ප්‍රාප්තිය සනිටුහන් කළ දෙරණ මේ වන විට ලාංකේය මාධ්‍ය අතර නොමැකෙන සටහනක් තබා ඇත්තේ අද දෙරණ පුවත් විමසුම එකම ස්වාධීන ප්‍රවෘත්ති විකාශය ලෙස ජනතාව අතර විශ්වාසයක් දිනා ඇති නිසා‍වෙනි.

දෙස් විදෙස් සියලු තොරතුරුඑසැණින් ඔබ වෙත වාර්තා කරමින් සෑම පැයකම උණූසුම් පුවත් ගෙන එන අද දෙරණ 24 පැයේ ප්‍රවෘත්ති නාලිකාව Tv දෙරණ ඔස්සේ විකාශනය වන අතර රාත්‍රි 08.00 , දහවල් 12.30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ද එමෙන්ම දෙරණ අරුණ වැඩසටහන ද සජිවීව ගෙන එයි. එමෙන්ම දවසේ තොරතුරු ඇතුළත් රාත්‍රි 07.00 සහ රාත්‍රි 09.30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් ද අද දෙරණ24 පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුලත් වෙයි.

කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ජනතාව එසැණින් දැනුවත් කිරිමේ සේවාව මෙරටට උචිත අයුරින් හැඩගැස්වූ අද දෙරණතරගකාරි ප්‍රවෘත්ති කලාව මෙරටට හඳුන්වා දීමෙ මූලිකයාය.

පුවත් සන්නිවේදනයට අලුතින් එක් වූ 24 පැයේ අද දෙරණ මිතුරාට‘ASIAN MIRROR’ සුබ පැතුම්

Rate this item
(2 votes)
Last modified on Monday, 21 July 2014 11:56