May 17, 2024

නරුම පියා "දුව දූෂණය" කරලා

පුත්තලම - කිවුල, තරුණ ව්‍යාපාරයේ පදිංචිව සිටින බාල වයස්කාර දැරිවියකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන එම දැරිවියගේ පියා අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරන බව පුත්තලම පොලීසිය පවසයි.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 09 යි මාස 10 ක් වන පාසල් සිසුවියකි. සිද්ධියට මුහුණ දී ඇති දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී ඇත. ඉන් පසුව දැරිවිය ජීවත් වී ඇත්තේ සැකකාර තම පියා සමගය.

සිද්ධිය වූ දිනයේ දැරිය නිවසේ පාඩම් කටයුතු සිදු කරමින් සිටින විට ඇයව කැදවා ඇති පියා මෙම අපරාධය සිදු කර ඇත. දැරිවියට පියා විසින් කර ඇති අපරාධය දැන ගෙන ඇති ගම්වාසියෙකු විසින් මේ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දන්වා ඇත.

තමන්ට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පුත්තලම පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව පුත්තලම පොලීසිය විසින් සිදු කරන පරීක්ෂණයදී  මෙම අපරාධයේ තොරතුරු අනාවරණය වී ඇත.

තම පියා විසින් තමන්ට කිසියම් අතවරයක් සිදු කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇති අතර අතවරය සිදුවූ දිනය ඇයගේ මතකයේ නොමැති බව පවසා ඇත. දැරිවියව වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය පැවසීය. පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(1 Vote)