May 17, 2024

“අසව්... අසව්…..අසව්...” බුද්ධදාස අඬබෙර ගසයි (Video)

අඬබෙරකරුවන් උපයෝගී කර ගනිමින් වරිපනම් බදු අය කිරීමට හා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව බත්තරමුල්ල නගර මධ්‍යයේදී ඊයේ (19) එම දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරිණි.

වරිපනම් බදු ගෙවීමෙන් ජනතාවට අත්වන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම මෙහි අරමුණ විය.

කඩුවෙල මහ නගර සභාවට මේ වන විට මිලියන 50 කට අධික මුදලක් වරිපනම් ලෙස මේ වනවිට අය කරගත යුතුව ඇත. කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවිය යුතු  පිරිස, එක්ලක්ෂ පන්දහස් පන්සිය හැට දෙකකි.

Rate this item
(0 votes)