May 02, 2024

සූර් වූ යතුරුපැදිකරු ලොරියේ ගැටී මරුදකී

කුඩා ප්‍රමාණයේ ලොරියක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

ඊයේ (19) රාත්‍රී 10.45 ට පමණ මදුරන්කුලිය - පාලසෝල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය - කඩයාමට්ටේ පදිංචිව සිටි මිහිදුකුලසූරිය ජුඩ් පියල් (අවු:39) නම් අයෙකි.

මිය ගොස් ඇති අය යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට ඉදිරියෙන් පැමිණ ඇති කුඩා ප්‍රමාණයේ ලොරියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි. තුවාල ලබා සිටි යතුරු පැදිකරු එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් ඔහු මිය ගොස් ඇත. අනතුර සිදුවන විට යතුරු පැදිකරු මත්පැන් පානය කර සිට ඇති බව පොලීසිය කියයි.

අනතුරට සම්බන්ධ ලොරිය සහ එහි රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(0 votes)