May 02, 2024

විපක්ෂය පොදු අපේක්ෂක සාකච්ඡා අර්බුදයක 

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී තර‍ග කිරීමට තීරණය කිරීමත් සමග විපක්ෂයේ පොදු අපේක්ෂක සාකච්ඡා අර්බුදයකට ලක් වී තිබේ.

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවත් රට තුළ සමාජ යහ පාලනය ඇති කිරීමත් පිළිබඳ විපක්ෂයේ පක්ෂ හා සංවිධාන අතර පුළුල් සාකච්ඡාවක් ඇති විය.

විද්වතුන් හා සිවිල් ක්‍රියාකාරීන් ද ආගමික නායකයින් ද මේ සම්බන්ධ ව විශාල ක්‍රියාකාරීත්වයක් ඇති කර තිබේ.

මේ සමග විධායක ක්‍රමය අහෝසි කිරීමට ද ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් ද වර්ධනය විය.

ඒ සමග ම ආණ්ඩු පක්ෂ‍යේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් ද ආණ්ඩුවට එක් ව සිටි එජාප මන්ත්‍රීවරු රැසක් ද සන්ධානයේ සිටින වමේ පක්ෂ ඇතුළු තවත් පක්ෂ කීපයක් ද  මේ පෙ‍ළගැස්ම සමග එක්වීමට සාකච්ඡා සිදු කරමින් පැවතුන බව වාර්තා වේ.‍

උපුටා ගැනීම (LT)  

Rate this item
(0 votes)