May 02, 2024

වටවල පොලීසියෙන් වතුකම්කරුවන්ට ජංගම සේවයක්

වටවල පොලිස් බල ප‍්‍රදේශයට අයත් වතු කම්කරු ප‍්‍රජාව වෙනුවෙන් වටවල පොලීසිය මගින් සංවිධානය කළ ජංගම සේවයක් අද (19) දවස පුරා වටවල විග්ටන් දෙමළ විද්‍යාලයේ දී පැවැත් විය.

අඹගමුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය එක් ව පැවැත් වූ මෙම ජංගම සේවයේ දී ජාතික හැඳුනුම්පත් නොමැති වතු කම්කරුවන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාදීම, උප්පැන්න සහතික ලබාදීම සහ නිවාස අමාත්‍යංශය මගින් අඩු ආදායම්ලාභී වතුකම්කරුවන් වෙනුවෙන් නව නිවාසයක් ඉදිකර ගැනීම සඳහා ණය ලබාදීමේ වැඩසටහනක් ද සිදු කෙරිණ.

වතුකරයේ අධ්‍යාපනය අවසන් කළ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් රැකියාපොළක් ද මෙම ජංගම සේවයෙ දී කි‍්‍රයාත්මක වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

වතුකරයේ සිවිල් ආරක්‍ෂක කමිටු පිහිටුවීම පිළිබඳ හා තරුණ තරුණියන්ට නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වටවල පොලීසිය මගින් මෙම ජංගම සේවයේ දී අදාළ දේශන පැවැත් විය.

මෙම ජංගම සේවය සඳහා වතුකම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

හටන් - රංජිත් රජපක්ෂ 

Rate this item
(0 votes)