May 02, 2024

බහු දින යාත්‍රා 04 ක ධීවරයෝ ඉන්දීය වෙරළාරක්ෂක අත්අඩංගුවේ

ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ‍ලෙස ඇතුළු වූ මෙරට බහු දින යාත්‍රා 04 ක් ධීවරයින් 23 දෙනෙක් සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ධීවර යාත්‍රා සහ ඒවායේ සිටි ධීවරයින් ව ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් දකුණු ඉන්දියාවේ කාකි නඩාර් වරාය දක්වා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීකුණාමලය ධීවර වරායෙන් මුහුදු ගිය නිශේන් පුතා 03, සුදු දුව 03, මෙෂෙල් ෂෙනාලි සහ ත්‍රීකුණාමලය කොබ් බේ වරායෙන් පිටත් වී ඇති ශාන් පුතා 03 නම් වූ ධීවර යාත්‍රාවෝ ය.

නිශේන් පුතා 03 යාත්‍රාවේ ටී.එස්.බී. කොස්තා, බී.ඩබ්ලිව්.එල්. මෙන්ඩිස්, එච්.එස්.ජයතිස්ස, ඩී.ආර්.සම්පත්, ඩබ්ලිව්.ඒ.තමෙල්, ආර්.සංජීව යන ධීවරයින් ද, සුදු දුව -3 යාත්‍රාවේ එස්.පී.එම්.වී.අප්පුහාමි, මහින්ද, ටී.එම්.ජේ.බණ්ඩාර, ඩබ්ලිව්.එම්.එල්. ප්‍රනාන්දු, එල්.ඒ.වීරසිංහ, එච්.ඒ.එල්.සඳරුවන් යන ධීවරයින් සිට ඇත.

මිෂෙල් ෂෙනාලි යාත්‍රාවේ ඩබ්ලිව්.ඒ.ආර්.ප්‍රනාන්දු, එන්.ප්‍රදීප් කුමාර,ආර්.පී.එල්.ප්‍රේමසේන, ඩබ්ලිව්.ආර්.සමීර, ඒ.ඒ.එන්.ආනන්ද, ඩබ්ලිව්.කේ.සී.ප්‍රනාන්දු යන ධීවරයින් ද  ශාන් පුතා 03 යාත්‍රාවේ එල්.එච්.තිලක් කුමාර, ඩබ්ලිව්.එම්.එම්.පී.තිලක්, ඩබ්ලිව්.එච්.ඒ.නිශාන්ත, ඒ.ජී.පී.ශාන්ත, පී.එස්.සෙනවිරත්න යන ධීවරයින් හිඳ තිබේ.

ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම ධීවරයින් සහ ඔවුන් ගමන් කළ බහු දින යාත්‍රා මුදා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පුත්තලම - ජුඩ් සමන්ත 

Rate this item
(0 votes)