May 02, 2024

හකීම් මහ ඇමති ධුරය ඉල්ලයි 

නැනෙහිර පළාත් සභාවේ මහ ඇමති ධුරය තම පක්ෂයට ලබාදෙන්නැයි ඇමති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්‍ග්‍රසය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.

නැගෙනහිර මහ ඇමති ධුරය වත්මන් මහ ඇමති අබ්දුල් මජීඩ් මහතාට ලබාදුනනේ වසර 02 හමාරකින් අනතුරු ව සිය පක්ෂයට ලබාදීමේ පොරොන්දුව මත බවත් ඒ අනුව 2015 වසරේ දී මහ ඇමති ධුරය තම පක්ෂයට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්‍ග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා ප්‍රකාශ කර තිබේ.

මහ ඇමති ධුරය වසර 02 හමාරකින් අනතුරු ව සිය පක්ෂයට ලබාදීමට ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දුන් පෙරොන්දුව අනුව තම පක්ෂයට මහ ඇමති ධුරය ලබාදෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

Rate this item
(0 votes)