May 17, 2024

කම්බි මළපුඩු යොදා මුවෝ මරලා

කම්බි මළපුඩු යොදා කටුකිණිස්ස වැව ප්‍රදේශයට ජල පානයට පැමිණෙන මුවන් අල්ලා මස් පිණිස විකිණීම සිදු කළ ජාවාරම්කරුවන් දෙදෙනෙක් මුව මස් හා මුව හම්, හිස් කබල් අතුළු ශරීර කොටස් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට පහළ අන්දර වැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැක කරුවන් 21 වැනි දා හම්බන්තොට මහේහ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේඒපීවිජේ කුමාර, වන සත්ත්ව නියාමක එල්ටී ධම්මික, සමන්ත සිරිවර්ධන, ගයාන් දුෂ්‍යන්ත,දේශප්‍රිය ගමගේ යන නිලධාරීන් විසින් සිදු කර ඇත.

හම්බන්තොට - රාහුල් සමන්ත 

Rate this item
(0 votes)