May 17, 2024

කැමති නම් ආණ්ඩුවෙන් යන්නයි නවීන්ට හා හකීම්ට ජනපතිගෙන් නියෝග

සාමූහික තීරණවලට එකඟ විය නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බව ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් දෙදෙනෙකු වන නවීන් දිසානායක සහ රවුෆ් හකීම්ට තරයේ අවවාධ කර ඇති බව ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේදී වාර්තා විය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ කකුලෙන් අදින අය කැබිනට් මණ්ඩලයේ රැදී සිටිමින් සහ ජාත්‍යන්තරයට කේලම් කියන අය, තමා ඉවත් කරන්නට පෙර ඉවත් විය හැකි බවයි.

මෙහීදී පොදු අපේක්ෂකයෙකු ලෙස තවත් ඇමතිවරයෙකුගේ ඥාතියෙකු ඉදිරිපත් වීමට සූදානම් බැවින් අවශ්‍ය නම් ඔහුටද ඉවත්ව යන ලෙස ජනාධිපතිනරයා පවසා ඇත්තේ පසුගිය රැස්වීම් කිහිපයකදී නවීන් දිසානායක මහතා විසින් තමාට එජාපටය උරුමයක් ඇති බවට සිදු කර තිබූ ප්‍රකාශ මෙනම එළඹෙන ජනාධිපතිවරණයේදී නවීන්ගේ ඥාතී සම්බන්ධතාවටක් පවතින කරූ ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා වීමේ ප්‍රවණතාවයක් ඇති බැවිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 July 2014 11:07