May 17, 2024

හෙරොයින් ජාවාරමක තතු හෙළි වෙයි

පානදුර, මෝදරවිල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පානදුර වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත් ව තිබේ. 

එම ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතු ව තිබී පැකට් 160 ක අඩංගු ව තිබු හෙරොයින් මිලිග්‍රෑම් 3,380 ක් සොයාගෙන තිබේ. 

සැකකරුවන් පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 25,28 සහ 35 වන වියේ පසුවන පුද්ගලයින් බව පොලීසිය පවසයි.

Rate this item
(0 votes)