May 17, 2024

නොවන්නට යළිත් කලු ජූලියක් සහෝදරත්වයෙන් පැතුමක්

1989 ජූලි 23 වැනි දා මෙරට ඉතිහාසයට දැවැන්ත කලු පැල්ලමක් එක් කළ අපකීර්තිමත් සිදුවීම වූ 'කලු ජූලිය' වැන්නක් නැවත ඇති නොවනු පිණිස ජාතික සමගිය ඇති කිරීම උදෙසා වූ විවිධ වැඩසටහන් සමාජවාදී තරුණ සංගමය විසින් 2008 වසරේ පටන් ක‍්‍රියාත්මක කරමින් පවතී. 

{module LOLC}

ඒ සඳහා ඔවුන් ජූලි 23 වැනි දා 'සහෝදරත්වයේ දිනය' ලෙස නම් කර ඇත.

2008 වසරේ සිට දිවයින පුරා එම දිනය මුල් කර ගනිමින් ජාතික සමගිය උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කළ සමාජවාදී තරුණ සංගමය 2014 වසරේ සහෝදරත්වයේ දිනය වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා විවිධ සංවිධානවල සහයෝගය ලබා ගැනීම සඳහා මේ වනවිට එම සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් සිටී.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 July 2014 11:36