May 17, 2024

හිඟ වැටුප් නොගෙවයි - සේවකයින් සේවයෙන් ඉවතට  

මාස 04 ක් තම හිඟ වැටුප් නොගෙවීම නිසා ගම්පහ ඩිපෝවේ සියළුම සේවකයින් ඊයේ (18) සේවයෙන් ඉවත් වී විරෝධතාවයක නිරත වී ඇත. 

මේ වනවිටත් සේවකයින් සේවයෙන් ඉවත් වී ඇති බවත් මේ නිසා සියළු බස් රථ ධාවනයෙන් නොවන බව වාර්තා වේ.

මහා භාණ්ඩාගාරය විසින් ගෙවන රුපියල් 11,730 ක මුදල පමණක් සේවකයින්ට ගෙවා ගම්පහ ඩිපෝවේ ගෙවිය යුතු හිඟ මුදල් මාස 04 ක් තිස්සේ ගෙවීම පමා කර ඇත. 

ඩිපෝවේ පවතින වංචාව, දූෂණය, නාස්තිය හා පරිපාලන කටයුතු දේශපානීකරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව සේවකයේ පවසති.

Rate this item
(0 votes)