May 17, 2024

ඌවේ ඡන්දය ජාති භේද වන ලකුණු

ඌව පළාත් සභා මැතිවරණයේදී සියලූම දෙමළ දේශපාලන පක්ෂ එක පෙරමුණක් යටතේ කටයුතු කිරීමට එහි පක්ෂ නායකයන් විසින් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.

ඉදිරි ජාතික මැතිවරණයකදී පුළුල් දේශපාලන පෙරමුණක් වතුකරයේ නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මෙහි මූලිකත්වය ගෙන ඇත්තේ කම්කරු ජාතික සංගමය විසින් බවද සඳහන්.

මේ අතර මුස්ලිම් කොංග්‍රසයද තනිව තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින අතර මේ තත්ත්වය හේතුවෙන් ඌවේ ඡන්ද පදනම සිංහල දෙමළ සහ මුස්ලිම් යන ජාතීන් අතර බෙදී යා හැකි බවට තොරතුරු වාර්තා වෙයි.

Rate this item
(0 votes)