May 17, 2024

සන්නාලියගේ මරණයට සාධාරණය ඉටු කරන මෙන් ජනපතිට සන්දේශයක්

මීගමුව රෝහලේ ප්‍රතිකාර ගැනීමට ගොස් සිටිය දී දූෂණය කර මරා දමූ කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවිකා, චමිලා දිසානායක නඩුව වසර 07 ක් විභාග වේ. 

එම නඩුව කඩිනමින් විසඳා ඇයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යැවීමට සේවක සන්දෙශයක් ඊයේ (18) කටුනායක කලාප සේවික සේවිකාවෝ අත්සන් කළහ.

නඩුවේ සාක්ෂි අවසන් වී වාචික හා ලිඛිත දේශණ අවධියේ පසුවන අවස්ථාවේ විත්තියේ නීතිවේදීන් සැලසුම් සහගත ලෙස කටයුතු කරමින් අධිකරණය මග හරිමින් නඩුවේ තීන්දුව පමා කිරීමට කටයුතු කරන බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය සහ ස්ත්‍රී මධ්‍යස්ථානය චෝදනා කරයි.

ප්‍රසාද් කුමාරසිරි 

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 July 2014 10:49