May 17, 2024

රට යනවා කී අම්මා - පර අඹුවක් වී උන්නා (video)

ගලේවෙල බොරළු කන්දේ තම පියා සහ වැඩිමහල් සොහොයුරිය හා ජීවත්වන දිනේෂ්, උදේ හවස බුදුන් වැඳ ප්‍රර්ථනා කරන්නේ රට ගිය අම්මා යළින් නිවසටම ගෙනත් දෙන ලෙසයි.

2009 වසරේ සෞදිය බලා ගිය 14 හැවිරිදි දිනේෂ්ගේ මැණියන් තවමත් නිවසට පැමිණියේ නැත.

චාපා ජයතිලක නමැති මානසික ආබාධ සහිත සිය වැඩිමහල් සොහොයුරියත් කුලී වැඩ කරන තම පියාත් සමග ජිවත්වන දිනේෂ්, උදෑසන අවදිවී කෑම පිස අක්කාට කන්න දී පාසල් යන අතර මවකගෙන් දියණියකට විය යුතු යුතුකම් ඉටු කරන්නේ පියාණන්ය.

{module LOLC}

දියණිය නෑවීම, රෙදිසේදීම, කොණ්ඩය පීරා පිරිසිදු කිරීම ආදී කටයුතුවල යෙදෙන දිනේෂ්ගේ පියාට කුලී වැඩක් කිරීමට නිවසින් පිටවීමටවත් වෙලාවක් නැත.

මේ සියල්ලන්ම වසර ගණනාවක සිට බලා සිටින්නේ අම්මා රන්කහවනු ගෙනෙන තුරු නොවේ. ඇය තමන් බලන්නට ගෙදරට එන තුරුය.

එහෙත් මේ සියල්ල සිහිනයක් බවට පත් වූයේ ඊයේ පස්වරුවේදීය.එම පවුලට කොළඹ මෝදර පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබූ අතර එහි දී රට ගියබව කී අම්මාව ඔවුනට මුණ ගැසින.

එහිදී හෙළිවූයේ දරුවන් අපා දුක් විඳිද්දී අම්මා මෙතුවක් කල් හොර සැමියෙකු සමඟ කම්සැප විඳ ඇති බවය.

පොලීසියෙන් කොතරම් කීවද? දරුවන් කොතරම් හඬා වැටුන ද? ඇය දරුවන්ට සෙනෙහස දෙන්නට හෝ නිවෙස බලා යළි යාමට  කැමති නැත.

අවසානයේ දී සිදු වූයේ දරුවන් දෙදෙනා සහ සැමියාට යළිත් අම්මා නොමැතිවම නිවස බලා යාමටය.

අම්මා අනියම් සැමියා සමග මෝදරම නතර වූවාය.

(වීඩියෝව පහතින්)

  

 

Rate this item
(15 votes)
Last modified on Monday, 21 July 2014 09:49