May 17, 2024

අහෝ දුකකි! උඩු ගුවනේදී ළමුන් 80ක් පණ පිටින් ගිනි ගනී(VIDEO)

අඩි 32,000ක් ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බව පැවසෙන මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානයේ ගමන්ගත් මගීන්ගෙන් 80 දෙනෙකුම කුඩා දරුවන් බව මේ වනවිට සනාථ වී තිබේ.මෙම ඛේදවාචකයෙන් මියගිය 298ක් වන පිරිස අතර, වයස අවුරුදු 2ක සහ 3ක ඉන්දුනීසියානු දරුවන් දෙදෙනෙකුගේ සිට දරුවන් 80 දෙනෙකු සිය ජීවිතවලින් වන්දි ගෙවා ඇති බව විදෙස් පුවත්සේවා පවසයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර එච්.අයි.වී/ඒඩ්ස් සමුළුවකට සහභාගි වීමට ගමන් කරමින් සිටි ඒඩ්ස් රෝගය සම්බන්ධ විශේෂඥයන් 100 දෙනෙකු පමණ යානය තුළ සිටි ඇති බව කියැවෙයි. ඒ අතර, ලෝක ප්‍රකට ඒඩ්ස් පර්යේෂකයෙකු වූ ජොඑප් ලැන්ජ් ද වෙයි.එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කල ග්ලෙන් තෝමස්ද මගීන් අතර සිට ඇති අතර, ඔහුද මේ ඛේදවාචකයෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවා ඇති බව පැවසෙයි.

මෙම යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලා ලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදී, නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී BUK මිසයිල ප්‍රහාරයකට ලක්ව මේ ඛේදවාචකයට සිදුව ඇති බවට විශ්වාස කෙරෙයි.මෙම යානයට මිසයිල ප්‍රහාරය එලල් කර ඇත්තේ යුක්රේනයේ නැගෙනහිර පළාත ආක්‍රමණය කර ඇති රුසියානු හිතවාදී කැරලිකරුවන් බවට යුක්රේනය චෝදනා කරද්දී, රුසියාව ඒ ඇඟිල්ල යුක්රේනය වෙත දිගු කරමින් චෝදනා කරයි.

මේ අතර, යානයේ කළු පෙට්ටිය කැරලිකරුවන් විසින් රුසියාව වෙත යවා ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.එමෙන්ම, යානය කඩා වැටුණු කලාපය වෙත ඇතුළු වීම සඳහා යුරෝපීය ආරක්ෂක හා සහයෝගීතා සංවිධානය වෙත අවසර ලබාදීමට කැරලිකරුවන් තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

යානය පිපිරීමෙන් පසු එහි සුන්බුන් හා මළ සිරුරු කොටස් සැතපුම් 9ක කලාපයක් පුරා විහිදී ඇති ආකාරය දැකගත හැකිවිය. මියගිය පිරිස ජාතිකත්වය අනුව බැලීමේදී නෙදර්ලන්ත ජාතිකයන් 189ක්, ඔස්ට්‍රේලියානු ජාතිකයන් 27ක්, මැලේසියානු ජාතිකයන් 44ක් (කාර්ය මණ්ඩලය 15ද ඇතුළුව), ඉන්දුනීසියානු ජාතිකයන් 12ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 9ක් වෙති.

(එම වීඩියෝව පහතින් නරඹන්න)

(සුදේශ් කරුණාතිලක)

Rate this item
(1 Vote)
Last modified on Saturday, 19 July 2014 07:15