May 17, 2024

තංගල්ල හිටපු සභාපති "නිදහස් පක්ෂයෙන් නෙරපයි"

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නීතියෙන් වරදකරුවකු වන නිසා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකත්වය පිළිබඳ තවදුරටත් කතා කිරීමට අවශ්‍ය නොවන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා පවසයි.

2011 වසරේදී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළැයි තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සිව්දෙනකුට ඊයේ (18) කොළඹ මහාධිකරණය විසින් වසර 40ක සිර දඬුවම් පැනවා තිබේ.

මේ අනුව එම සාමාජිකත්වය ඉබේම අහෝසිවන නිසා ඒ පිළිබඳව කතා බහට ලක්‌ කිරීමට අවශ්‍ය නොවන බවත් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මෙතෙක්‌ කාලයක්‌ සැකකරුවකු බවට පත්වී සිටි අතර නඩු තීන්දුවෙන් ඔහු වරදකරුවකුද වූ බවත් අමාත්‍යවරයා පැවසී ය. 

මේ අනුව ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකත්වය ගැන කවර කතා දැයි  හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 July 2014 01:56