May 17, 2024

පාරට "අළුත් සංඥා" එයි - කහ සංඥා සුදු වෙයි

අධිවේගී මාර්ගවල භාවිතයට ගැනෙන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අදාළ වන සංඥා ඇතුළු මෙතෙක්‌ භාවිතයට නොගැණුනු මාර්ග සංඥා හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව අළුතින් හදුන්වා දෙන මාර්ග සංඥා සමග මාර්ග සංඥා 215ක් පමණ ප්‍රමාණයක්‌ ඉදිරියේදී ගැසට්‌ කරන බවත් මාර්ග සංඥාවන්හි පසුබිම් වර්ණය ලෙස දැනට පවතින කහ පැහැය වෙනුවට සුදු පැහැය ආදේශ කිරීමට ද අවධානය යොමුව ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ එස්‌. එච්. හරිස්‌චන්ද්‍ර මහතා පැවසීය.

රාත්‍රි කාලයේදී පහසුවෙන් පෙනෙන පරිදි සැලැස්‌වීමට සුදු වර්ණය යොදන බවත් මීට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)