May 17, 2024

තුන්සක් රිය වැරදි පාරේ ගිහින් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප සහිතයි)

අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ඇළකට පෙරළීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.

එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු හා එහි රියදුරු මෙලෙස තුවාල ලබා ඇත. පසුව එම තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හම්බන්තොට රෝහලට මාරු කර ඇත.

අම්බලන්තොට පොලීසිය පැවසූවේ රියදුරුට රිය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවයි.

රාහුල් සමන්ත - හම්බන්තොට

 

Rate this item
(0 votes)