May 17, 2024

දෙව්රම් වෙහෙරේ සිටි අලි පැටවා වනජීවි භාරයට (Video)

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ අනවසරයෙන් රඳවාගෙන සිටි අලි පැටවා වනජීවි නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් මත රැගෙන ගිය අතර එහිදී අලි පැටවා රැගෙන යාම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට බාධා එල්ල විය. 

ගිරිඋල්ල - මීරිගම පාරේ කණ්ඩලම වලව්වේ සිටියදී වනජීවි බාරයට ගැනුණු අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට බාරදෙන ලෙස ගම්පහ පළාත්බද මහාධිකරණ පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද (18) නියෝග කර තිබේ. 

ඒ අනූව පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ රඳවා සිටි අදාළ ඇත් පැටවා අද පස්වරුවේ වනජීවි වන දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයට ගත් අතර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට ප්‍රහාරයක් ද එල්ල විය. 

ගල් ප්‍රහාරයකින් එහිදී පුවත්පත් මාධ්‍යවේදියෙක් තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර එම ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 

එම අලි පැටවා සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවකට සංශෝධනයක් ඉල්ලා නීතිපතිවරයා විසින් ගම්පහ පළාත්බද මහාධිකරණයට කරන ලද ඉල්ලීමකට අනූව මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඉදිරියේ විභාගයට ගැනිණ. 

 

Rate this item
(0 votes)