May 17, 2024

පෘතුගාල අගමැති දිවයිනට

පෘතුගාල අග‍්‍රාමාත්‍ය පේද්රෝ පස්කුවිල් දෙදින නිල සංචාරයක් සඳහා 20 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔහු සිය සංචාරය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය දිමූ ජයරත්න හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

පෘතුගාල අග‍්‍රාමාත්‍යවරයා ගාල්ලේ විශේෂ සංචාරයක නිරතවන බව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ සමග ම ටැන්සානියානු විදේශ කටයුතු අමාත්‍ය බර්නාඩ් කේ මෙම්බෙ මහතා ද මෙරට සංචාරයක නිරතවීමට නියමිත ව ඇත.

ටැන්සානියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දින 02 ක කාලයක් මෙරට රැදී සිටීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 

Rate this item
(0 votes)