May 17, 2024

මැලේසියානු යානයට පහරදුන් "හඩ පටය නිකුත් වෙයි" (VIDEO) 

මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 මැලේසියානු ගුවන් යානය යුක්රේන දේශ සීමාවට කඩා වැටීම සම්බන්ධයෙන් රුසියා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සහ රුසියා හිතවාදී කැරලිකරුවන් අතර වූ සංවාදයක හඬ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

රුසියාවට පක්ෂපාතී කැරලිකරුවන් විසින් පාලනය කෙරෙන ප්‍රදේශයකින් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්‍රේන හමුදා සහ කැරලිකරුවන් අතර පැවති සටනක් අතරතුර බව නිල නොවන තොරතුරක් ලෙස මීට පෙර වාර්තා වී තිබිණි.

MH17 යානය කඩා වැටුණු යුක්‍රේන - රුසියා දේශ සීමා ප්‍රදේශයට සහන සේවකයින්ට සහ ආරක්ෂක නිලධාරීන්ට ඇතුළු වීම සඳහා ඉඩ දීමට යුක්‍රේන කැරලිකරුවන් මේවන විට එකඟ වී තිබේ.

කඩා වැටුණු යානයේ සුන්බුන් සහ මළ සිරුරු ආරක්ෂා කිරීමට ද ඔවුන් පොරොන්දු වන බව ඔවුන් මැලේසියානු බලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අනුව එම ස්ථානයට මැලේසියානු බලධාරීන් පිරිසක් ළඟා වීමට නියමිත ය.

Rate this item
(1 Vote)