May 17, 2024

(update) දැරිය දූෂණය කළ නාවික සෙබළුන්ට වැඩවරදී 

යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ නාවික සෙබලුන් හත්දෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දූෂණයට ගොදුරු කර ගත් දැරිය මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රෝහලට ඇතුළත් කොට සිටින අතර මෙම සිදුවීමට විරුද්ධව යාපනයේ කරයිනගර් වැසියන් විශාල පිරිසක් අද විරෝධතාවයක නිරතවිය.

 

Rate this item
(0 votes)