May 17, 2024

චන්ද්‍රිකාට බෝම්බ ගැසූ "කොටි තිදෙනා මෙරටට" 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ එල්.ටී.ටී.ඊ යේ බෝම්බ විශේෂඥයා ඇතුළු ත‍්‍රස්තවාදීන් තිදෙනා අද (18) රාත‍්‍රීය වනවිට මැලේසියාවේ සිට මෙරට ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

මැලේසියානු ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කොටුවූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට කොළඹ පුරහල් භූමියේදි මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ කාන්තාවට බෝම්බ ජැකට්ටුව සකස්කර දුන් බව කියන චෝදනාවට මෙම එල්.ටී.ටී.ඊ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අද (18) රාත‍්‍රීය මෙරටට ගෙන ඒමට නියමිතයි.

එසේ ගෙන ඒමට නියමිතව සිටින්නන් අතර හමුදාවේ හිටපු සාමාජිකයෙක්ද සිටින බවත් එල්.ටී.ටී.ඊයේ ඔත්තුකරුවෙක් ලෙස ඔහු කටයුතු කර පසුව යුද්ධය නිමාවනවාත් සමග මුස්ලිම් නමකින් මැලේසියාවට පළාගොස් සැඟවී සිට ඇති බවත් වාර්තා වෙයි. අනෙත් සාමාජිකයා මුස්ලිම් අයෙකි.

මෙම තිදෙදෙනා භාරගෙන මෙරටට ගෙන ඒමට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මැලේසියාවටද ගොස් සිටිති. ඔවුන් අද එම ත‍්‍රස්තවාදින්ව ගුවන් මගින් මෙරටට ගෙන ඒමට නියමිතය.

Rate this item
(0 votes)