May 17, 2024

මල් මුවාවෙන් නිවසේ ගංජා වවා මාට්ටු 

මහනුවර, හන්තාන ප‍්‍රදේශයේ  නිවසක මල් වවන මුවාවෙන් ගංජා වගා කළ පුද්ගලයෙක් එම වගා කළ ගංජා ගස් ද සමග මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

22 හැවිරිදි ඊඑම් අශාන්ත ධනුෂ්ක ඒකනායක නමැති තරුණයෙක් සිය නිවසේ ඉහළ මහලේ මල් පෝච්චියක ගංජා පැළ 04 ක් මෙලෙස වගා කර ඇත.

අඩි 03 අඟල් 8 ත්, අඩි 3 අඟල් 5 ත්, අඩි 2 අඟල් 10 යන ප්‍රමාණවලින් යුත් ගස් තිබූ බවත් මෙහි බර ග‍්‍රෑම් 150 ඉක්මවන බවත් වාර්තා වේ.

මෙම සැකකරු විසින් මෙම ගංජා වගාව ව්‍යපාරයක් ලෙසට අලෙවි කිරීම සඳහා වගා කර තිබේ ද යන්න පොලීසිය සැක කරයි.

මෙම පැළෑටි ගංජා බව දැන දැන ම වගා කර ඇති බවට ද පොලීසියට කරුණු හෙළි වී ඇති බවත් ඒ හේතුවෙන් මෙවැනි තවත් වගා මහනුවර ප‍්‍රදේශයේ රහසිගත ව පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ පොලීසිය විසින් පරික්ෂණ සිදු කරයි.

මෙම පුද්ගලයා මෙම ගංජා වගාව නිතිවිරෝධි බව දැන දැන ම තමන්ගේ නිවසේ ඉහළ මාලයක රහසිගත ව වගා කර තිබිම ද පොලීසියට ගැටළුවක් වී තිබේ.

මෙම පුද්ගලයාට එරෙහි මහනුවර අධිකරනයේ නඩු පැවරීමට ද පොලීසිය කටයුතු කර තිබේ.

මහනුවර - හේරත් ඒකනායක

Rate this item
(0 votes)