May 17, 2024

අලියගේ ලස්සන බලන්න ගිය පුද්ගලයට 'අලියා' සැර පෙන්නලා..

ගොඩකවෙල ප්‍රදේශයේ ඉඩමක ගැට ගසා තිබූ අලියෙකු නැරඹීමට ගිය පුද්ගලයෙකුට අලියා පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වේ.

මියගිය පුද්ගලයා අවුරුදු 50ක් වූ නිශාන්ත වසන්ත කුමාර නමැති අයෙකු බව වාර්තාවේ.

මියගිය පුද්ගලයා සිය අවුරුදු 05 ක් වයසැති පිරිමි දරුවා සමග අලියා බැලිමට ගොස් තිබෙන අතර අලියා විසින් පියාට කළ පහරදීම දුටු දරුවා කම්පනය හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා ගොඩකවෙල රෝහලට ඇතුළත් කර තිබේ. 

මෙම අලියා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහරස්ථානයට අයිති අලියෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(1 Vote)