May 17, 2024

ගාල්ල තරඟයේ කුණු කෑම කෑ "පොලිස් නිළධාරීන් රෝහලේ"

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ විශේෂ රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස් නිළධාරීන්ට පිළුණු වී තිබූ ආහාර ලබා දීමෙන් එම නිළධාරීන් රෝගීවීමෙන් රෝහල් ගත කර තිබේ.

විශේෂ රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස් නිළධාරීන්ට සැපැයු කෑම වලින් කොටසක් පිළුණු වී තිබු බවත් ඉන් නිළධාරින් පිරිසක් අසනීප වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවත් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් කෑම සැපයු ස්ථානය පිළිබඳ මහජන පරීක්ෂකවරුන් මගින් පරීක්ෂණයක් කිරීමට ද නියමිත බව වාර්තා වෙයි.

Rate this item
(1 Vote)