May 17, 2024

කොරියානු ශ‍්‍රමිකයන්ට විශ‍්‍රාම වැටුපේ වෙනසක් නෑ

කොරියාව තුල සේවය කරන ශ‍්‍රි ලාංකික ශ‍්‍රමිකයින්ට සමාජ ආරක්ෂණය වෙනුවෙන් හදුන්වා දී තිබෙන ‘‘කූක්මෙන්’’ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

එරට සේවය කරන ශ‍්‍රමිකයින්ට මෙම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට තම අභිමතය පරිදි සම්බන්ධ විය හැකි අතර සේවා යෝජකයන්ද ඊට දායකත්වය ලබාදී තිබේ.

ශ‍්‍රමිකයෙකු කොරියාවේ සේවය නියමිත කාලය අවසන් කර නැවත ශ‍්‍රි ලංකාවට පැමිණිමට පෙර තම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට ගෙවූ මුදල් ආපසු ලබා ගැනීම සඳහා ඉල්ලුම් කල හැකි බව එම කාර්යංශය පෙන්වා දුන්නේය.

එම ශ‍්‍රමිකයා ගුවන්තොටුපලින් ශ‍්‍රි ලංකාවට ඒමට පෙර තමන් ගෙවූ විශ‍්‍රාම වැටුප් මුළු මුදලම ඔහුට ආපසු ලබාදෙන අතර එනිසා මෙම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිළිබඳව කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියානු රැකියාලාභින්ට දන්වා සිටි.

 

Rate this item
(0 votes)