May 17, 2024

ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතනයේ සැකකරුවන්ට අධි චෝදනා භාර දේ

ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා ඇතුළු 16 දෙනෙක්ට මරු කැඳවමින් 84 දෙනෛක් තුවාල ගෙන දෙමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට එරෙහි ගම්පහ මහාධිකරණයේ නීතිපතිවරයා විසින් අද (18) නඩු පවරා තිබේ.

ත‍්‍රස්තවාදීන් විසින් කළ ඇමති ඝාතනයක් සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව පොලිස් තොරතුරු අනාවරණය කළේ ය.

එසේ නඩු පවරමින් අධි චෝදනා ගොණුකර ඇත්තේ ගම්පහ පොලිස් අධිකාරිවරයාව සිටි ලක්ෂ්මන් කුරේ , සෙල්වරාසා කිරුබාකරන් නොහොත් මොරිස් සහ තම්බයියා ප‍්‍රකාශ් නොහොත් ධනුෂ් යන තිදෙනාට එරෙහිව ය.

චෝදනා 31 ක් යටතේ ඔවුන්ට නඩු පවරා ඇත.

Rate this item
(0 votes)