May 17, 2024

තංගල්ල සභාපති එල්ලා මරණවාද නැද්ද? - තීන්දුව අද

තංගල්ල ද නේච්ර් හෝටලයේ නත්තල් සාදයට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නඩුවේ තීන්දුව අද (18දා) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 {module LOLC}

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අද දිනයේ එම අවස්ථාව දැක බලාගැනීම සඳහා මෙම සිද්ධියට ගොදුරු වූ වික්ටෝරියා ඇලෙක්සැන්ද්‍රෝවා නමැත්තිය සහ මියගිය කුරාම් ෂෙයික්ගේ වැඩිමල් සහෝදරයා ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වෙයි.ඔවුන් දෙදෙනාද සමග බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරීන් පිරිසක් තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාව දැකගැනීම සඳහා කොළඹ අංක 01 මහාධිකරණයට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර මෙම නඩු තීන්දුව කෙරෙහි බ්‍රිතාන්‍ය සහ රුසියාව දැඩි උනන්දුවකින් පසුවන බවටද වාර්තා වී තිබේ. පසුගිය කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළද මීට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 July 2014 10:45