June 13, 2024

සිසුවියන් 'ලවා' විදුහල්පති තවත් සිසුවියකට ටොකු අන්නයි

බකමූණ ප්‍රදේශයේ දියබෙදුම කනිෂ්ඨ විදුහලේ පහ වසරේ ශිෂ්‍යාවක පංතිය අතුනොගෑම හේතුවෙන් එයට දඬුවමක්‌ වශයෙන් සෙසු සිසුවියන් ලවා ඇයට ටොකු ඇනීමට නියම කළ විදුහල්පතිවරයා පිළිබඳව බකමූණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම දිනයේ මඳක්‌ ප්‍රමාදවී මෙම සිසුවිය පාසලට පැමිණීම හේතුවෙන් පංතිකාමරය අතුගෑමේ කාර්ය ඇයට මඟහැරී ඇත.

මෙසේ ටොකු පහරවල් කෑ දස හැවිරිදි සිත්මිණි සන්දනායක නමැති දැරිය බකමූණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

Rate this item
(0 votes)