June 01, 2024

බෝයාවෙන් කෝටි 26 ක පාඩුවක් ; ඉතාලි සමාගමට නඩු

කොළඹ වරායේ සිට සපුගස්කන්ද පිරිපහදුව දක්වා තෙල් රැගෙන යන බෝයාවට සවිකර තිබූ නළයක් පිපිරීම හේතුවෙන්  එහි ඉදිකිරීම් කටයුතු කළ ඉතාලි සමාගමට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පවසයි.

එම නළය අවස්ථා ගණනාවකදීම නැවත සකස් කළ ද යළිත් එය පුපුරායාම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක‍්‍රියාකාරීත්වය ද තාවකාලිකව නතර කර තිබුණි.

තෙල් රැගෙන යන අදාළ නළයක මීට මාස එකහමාරකට පමණ පෙර පිපිරීමක් සිදු වූ අතර මේ හේතුවෙන් තෙල් සංස්ථාවට රුපියල් කෝටි 26 ක පාඩුවක් සිදුවිය.

 

Rate this item
(0 votes)