නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස ගණනාවක නායයෑමේ අවදානමක් පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් කර ඇත.
දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් මෙම අවදානම ඇතිවිය හැකි බවට බැවින් ජනතාව දැනුවත් කිරීමට ගොඩනැඟිලි සංවර්ධන පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
විශේෂයෙන් මහනුවර, මහියංගනය මාර්ගය ඇතුළු කඳු බෑවුම් ආශ්‍රිතව නායයැමේ අවදානමක් පැවතිය හැකිය බව ද එම සංවිධානය පෙන්වා දෙයි.