May 07, 2024

එජාපයේම නගරාධිපති එජාපයට වින කටී - කොළඹ මහා නගර සභාව විසුරුවා හැරීමේ සුදානමක්

කොළඹ මහා  නගර සභාව විසුරුවා හැරීමේ සුදානමක් කොළඹ මහා නගර සභාව විසුරුවා හැරීමේ සුදානමක්

කොළඹ මහා  නගර සභාව අප්‍රේල් මස 10 වන දින විසුරුවා හැරීමේ සුදානමක් ඇතැයි වාර්තා වෙයි .නගර සභාවේ ආරංචි මාර්ග වලට අනුව පැවසෙන්නේ විශේෂ කොමසාරිස් වරයා ලෙස වත්මන් නගරාධිපති ඒ.ජේ .එම් .මුසම්මිල් මහතාවම පත් කිරීමට නියමිත බවයි .

එක්සත් ජාතික පක්ෂය විසින් තම බිරිඳට පළාත් සභා නාමයෝජනා නොදුන්නිසා සිත්තැවුලට පත්ව ඇති නගරාධිපතිවරයා විසින්ම නගරසභාව විසුරුවා හැරීමේ ඉල්ලීම ආණ්ඩුකාර වරයාගෙන් කිරීමටද ඉඩ ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රභල ඇමතිවරයකු ඒෂියන් මිරර් වෙබ් අඩවියට සඳහන් කළේය .මේ අතර පසුගියදා කොළඹදී අවමංගල්‍ය උත්සවයකදී හමුවූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මුසම්මිල් මහත්මිය අතර මේ පිළිබඳ  විශේෂ කතාබහක් ඇතිවී තිබෙනවා .

 

Rate this item
(3 votes)
Last modified on Tuesday, 04 March 2014 14:16