May 19, 2024

"දරුවා ලැබෙන්න සිටි බිරිඳ ව රෝහලෙන් මරා ගත්තා" - සැමියෙකුගෙන් දුක්බර චෝදනාවක්

සිය ප්‍රථම දරුවා බිහි කිරීම සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත්වීමෙන් අනතුරු ව එහි වෛද්‍යවරු ඇතුළු ව කාර්ය මණ්ඩලයේ නිසි අවධානය නොලැබීමෙන් තම බිරිඳ මරණයට පත් වූ බවට ස්වාමිපුරුෂයාවන බීඑම් තක්ෂිල දේශපි‍්‍රය සමරකෝන් චෝදනා කරයි.

නුවරඑළිය අධිකරණයේ සේවය කරමින් සිටි කැප්පෙටිපොල ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කේබී කුමුදුනි නයනකාන්ති නමැති ලිපිකාරිණිය මෙසේ මරණයට පත් ව ඇත.

අද (01) මහනුවර මහරෝහලේ මෘත ශරිරාගාරයෙන් මියගිය සිය බිරිඳගේ සිරුර භාරගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කළේ ය. 

මාධ්‍ය හමුවේ දී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ "තම බිරිද මැයි මස 21 වැනි දා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා නුවරඑළිය ප‍්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් හමු වූ බවත් ඔහුගේ උපදෙස වූයේ  රුධිර පීඩනය ටිකක් වැඩි නිසා දවසක් හැර දවසක් වෛද්‍යවරයෙක් හමුවන ලෙසත් ඒ අනුව තමන් පදිංචි ප‍්‍රදේශයවන කැප්පෙටිපොල ප‍්‍රදේශයේ වෛද්‍යවරයෙකුට පෙන් වූ බවත් ඔහුගේ උපදෙස් මත මැයි මස 30 වැනි දා දරු ප‍්‍රසුතිය සඳහා නුවරඑලිය රෝහලට ඇතුළත් කළ බවත් රෝහල වෙත යනවිට හොඳ සෞඛ්‍ය ශරීරයෙන් සිටි තම බිරිද පසුගිය දා (30) හවස් වනවිට ඇයගේ තත්ත්වය බරපතල වූ බැවින් ඇය සහ තමන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට දැන්වුව ද ඔවුන් විසින් එය සැළකිල්ලට නොගත්තා පමණක් නොව දෝෂාරෝපණයට ද ලක්කළ බව ප‍්‍රකාශ කළ ඔහු තමන්ගේ බල කිරීම මත ඒ අවස්ථාවේ රෝහල් වාට්ටුවේ සිටි වෛද්‍යවරයෙක් සිය බිරිඳ පරික්ෂා කළ බවත් එහි දී ද එම වෛද්‍යවරයා ද කළේ තව කල් ඇති බව කියමින් දෝෂාරෝපණය කරමින් බිරිඳ ව ඇය සිටි ඇඳ වෙත යැවිමයි. 

ඇය ඇඳ වෙත යමින් සිටිය දී ඇයගෙන් රුධිර වහනය වී වාට්ටුවේ බිම ලේ තැවරී තිබීම හේතුවෙන් හා ඇය ප‍්‍රකාශ කිරීමත් හේතුවෙන් තමන් ඒ පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම මත සූතිකාගාරය වෙත ඇය රැගෙන ගිය බවයි. 

බිරිඳ හා දරුවා පිළිබඳ එහි සිටි වෛද්‍යවරුන්ගෙන් විමසා සිටීමේ දී එක් වෛද්‍යවරයෙක් සඳහන් කළේ දෙදෙනා ම හොඳින් සිටින බවත් තවත් මුස්ලිම් වෛද්‍යවරයෙක් සඳහන් කළේ මවට ටිකක් අමාරු බවයි.

කෙසේ වුව ද තමන් නිවස වෙත ගිය බවත් විනාඩි 10 කින් පමණ රෝහලෙන් ඇමතුමක් දෙමින් තම බිරිඳ මහනුවර රෝහලට යවන බවත් ප‍්‍රකාශ කළ බවයි. 

ඒ අනුව ගිලන් රථයෙන් තම බිරිඳ මහනුවර රෝහලට යවන විට තමන් ද මහනුවරට ගිය බවත් මහනුවර රෝහලේ වෛද්‍යවරු තම බිරිඳට මහත් පරිශ‍්‍රමයක් දරා ප‍්‍රතිකාර කළ බවත් ඉන් ඇයගේ තත්ත්වය තරමක් යහපත් වුව ද එක් අතක් නිල් පැහැ ගැන් වී තිබීම හේතුවෙන් එම අත ඉවත් කිරීමට සිදුවන බව වෛද්‍යවරු ප‍්‍රකාශ කිරීම හේතුවෙන් අත නැති ව හෝ තම බිරිඳගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස තමන් ඉල්ලා සිටි බවයි. 

අතක් ඉවත් කළත් තම බිරිඳ ඊයේ (30) පස්වරුවේ මරණයට පත් වූ බව දැඩි ශෝකයෙන් ප‍්‍රකාශ කරන ඔහු තම බිරිඳගේ මරණයට හේතුව නුවරඑළිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නොසැළකිලිමත් බව හේතුවෙන් සිදු වූ බවට තමන් විශ්වාස කරන බවත් එම නිසා සාධාරණ පරික්ෂණයක් සිදු කර තමන්ට සිදු වූ අසාධාරනයට විසඳුමක් දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. 

අවසාන වශයෙන් ඔහු සඳහන් කළේ තමාත් දරුවාත් පවුල් 02ක ඥාතින් පත් වූ අපහසුතාවයට වෙනත් පුද්ලයෙක් පත් නොකරන ලෙසයි. "

අද (01) මහනුවර වැඩබලන මහේස්ත‍්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් මහේස්ත‍්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් පසු ව මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කරන ලද නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරී සිවසුබ‍්‍රමනියම් මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සමිපුර්ණ වාර්තාවක් ඉදිරියේ දී නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

දේහය ඥාතින්ට භාරදිමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

මහනුවර - හේරත් ඒකනායක 

Rate this item
(0 votes)