May 19, 2024

රට පුරා වැස්සත් අනුරධපුර වැව් හිඳේ 

මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයට පවතින වියළි කාළගුණික තත්ත්වයත් සමග වැව් රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස්  තිබේ.

මහ පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ වැව් රැසක ජල මට්ටම පහළ වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණපෑමට සිදු ව ඇති බව ඒෂියන් මිරර් වර්තාකරු පවසයි.

පදවිය, නාච්චාදූව, නුවර වැව, තිසා වැව, බසවක්කුලම වැව, කනදරාව වැව ඇතුළු වැව් රැසක ජල මට්ටම මෙලෙස පහළ ගොස් ඇත.

කෘෂිකාර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කර ගත් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත් ව සිටිති.

මීට මාසය කිහිපයකට පමණ පෙර තද වැසි ලැබුණ ද එම වැසි ජලය වගා සඳහා ප්‍රමාණවත් නොවී ය.

මේ හේතුවෙන් අද වනවිට ප්‍රධාන ගොවිජන පද ව්‍යාපාර යටතේ සිදු කරන අතිරේක බෝග වගාවන්ට ද ජලය ප්‍රමාණවත් නොවී ඇත. 

එසේ ම බිමට ජලය සැපයෙන වැව් කිහිපයක ජල මට්ටම පහත වැටීම හේතුවෙන් පානීය ජලය සැපයීමට ද බාධා මතු වී ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය තව දුරටත් පැවතියහොත් දිස්ත්‍රික්කයේ උග්‍ර ජල හිඟයක් ඇතිවන බව වාරිමාර්ග අංශ අනාවරණ කරයි.

අනුරාධපුර - අමිල ප්‍රභාත් වනසිංහ

Rate this item
(0 votes)