May 19, 2024

කොරල් විකිණීම තහනම් - ඒත් විකුණයි

කොරල්පර කැඩීම, අලෙවි කිරීම සහ ළඟ තබා ගැනීම වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව තහනම් වුව ද යාපනයේ, නාගදීපය දේවාලයට එන ඕනෑ ම පුද්ගලයෙක්ට කොරල්පර මිල දී ගැනීමට හැකි ය.

යාපනයේ, නාගදීපය දේවාලයට එන ඕනෑ ම දෙස් විදෙස් සංචාරකයෙක්ට කිසිදු ගැටළුවකින් තොර ව කොරල් පර මිළ දී ගැනීමට හැකියාවක් පවතී. 

මෙම කොරල්පර යාපනයට නුදුරු මුහුදෙන් කඩා ගෙන එන ඒවා බව ඒෂියන් මිරර් වාර්තාකරු කළ විමසුමක දී මේ ව්‍යාපාරිකයා පවසා තිබේ.

දිනකට අති විශාල පිරිසක් පැමිනෙණ නාගදීපයේ සිදුවන මේ ජාවාරම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ දෙනෙත් මේ වනතුරු විවර නොවීම පුදුමයක් නොවේ ද?

පුත්තලම - ජුඩ් සමන්ත 

Rate this item
(1 Vote)