May 20, 2024

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට 

බස්නාහිර දකුණ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම 13 වැනි දා සහ 14 වැනි දා යන දෙදින තුළ සිදුවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

 

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් සඳහා තැපැල් ඡන්ද දායකයින් 28,000 ක් ඉල්ලුම් කර ඇති බවත් ඉන් 24,039 දෙනෙකු සඳහා තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති බවත් වාර්තා වේ.

13 වැනි දා සහ14 වැනි දා යන දෙදින තුළ සිය රාජකාරි ස්ථාන තුළ දී තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බව ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ ය.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(1 Vote)