May 04, 2024

රනිල් සිරස සමග යාළු වෙයි..

විපක්ෂ නායකවරයා හා සිරස මාධ්‍ය අතර කලක සිට පැවති ගැටුම නිමා කරමින්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරස මාධ්‍ය ආයතනය වෙත ගොස් තිබේ.'නිව්ස්ෆස්ට්' නිෂ්පාදන කරන ''මුහුණට මුහුණ'' සංවාදාත්මක වැඩසටහනට එක් වෙමින් එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ  ''මම හිටියනම් යුද්ධය ඉවර කරන්නේ මීට වඩා වෙනස් විදිහකට'' කියාය.
 
රට තුළ නීති පද්ධතිය ශක්තිමත් කර තිබුනේ නම් ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම් වලට නිවැරදිව මුහණදීමට හැකි බව ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා තිබේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ මෙම සම්පූර්ණ සාකච්ඡාව 26 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 ට සිරස  ටී.වි. ඔස්සේ විකාශය කිරීමට නියමිතය.චෙස් ක්‍රිඩාවේ යෙදෙමින් මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමද විශේෂිතයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 June 2014 11:30