May 04, 2024

'අජාසත්ත' චිත්‍රපටයේ නළු නිළියන් රිය අනතුරක

ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ මහතාගේ නර්තන කණ්ඩායමේ ශිල්පීන් ගමන් ගත් වෑන් රථය ලංගම බස් රථයක ගැටීමෙන් මාවනැල්ල ප්‍රදේශයේදී ඊයේ(23) සිදුවූ රිය අනතුරකින් 07 දෙනෙකු තුවාල රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

මෙම නර්තන ශිල්පින් පිරිස ඊයේ පෙරවරුවේ 'අජාසත්ත' චිත්‍රපටයේ රූගත කිරීම පිණිස කොළඹින් පිටත්ව ගොස් ඇති අතර මහනුවර සිට කොළඹ බලා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක්  මාවනැල්ල ප්‍රදේශයේදී එම වෑන් රථය හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

වෑන් රථයේ රියදුරා ඉතා බරපතල තත්ත්වයේ සිටින බවත් තුවාල ලැබූ නර්තන ශිල්පී ශිල්පිණියන් කෑගල්ල සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කළ බවත් වාර්තා වෙයි.

 

 

Rate this item
(0 votes)