May 17, 2024

පොලිස්පති ගැන තීරණයක් ගැනීමට පොලිස් කොමිසම රැස්වෙයි

පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (18) දිනයේ රැස් වී තීරණය කරන බව ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කරයි.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරීවරයා පත්කිරීම සම්බන්ධයෙන් කොමිසම ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසම පසුගියදා නිර්දේශ කළේය.

අගෝස්තු මස 09 වන දින සිට අදාළ පත් කිරීම සිදුකිරීමට නියමිතව තිබුණ ද මෙතෙක් පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර නොමැති බව වාර්තා වේ.

ඒ පිළිබදව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇති අතර අද දිනයේ පැවැත්වෙන රැස්වීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත් ඒ අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බවත් එහි ලේකම් ආරියදාස කුරේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 August 2016 10:57