May 10, 2024

'අවුරුදු 15කට ආණ්ඩුව හොල්ලන්න බෑ'

වසර 05ක් සඳහා ජනතාව ලබාදුන් බලය තවත් වසර 15ක් යනතෙක් නොවෙනස්වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ කහවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, "අපේ නායකයෝ හොරකම් කළේ නැහැ. පවුල් වර්ධනය කළේ නැහැ. හිරිකිතයක් නැතුව පා ගමන් යන්නේ ආණ්ඩුවෙන් වැරැද්දක් වෙලාද, එදා වගේ ප්‍රජාතන්ත්‍රවාදය නැද්ද, එදා වගේ අධිකරණයේ ස්වාධීනත්වය නැද්ද, එදා වගේ පොලීසිය දේශපාලනීකරණය වෙලාද, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වෙලාද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය තමන් ගැන පමණක් හිතලා වැඩකටයුතු කළ යුගය නිමා කරලා හරි ගමනක් යනකොට ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් එකඟතාවයෙන් පක්ෂ බේදයකින් තොරව ප්‍රධාන පක්ෂ දෙකම එකට එකතුවෙලා රට ගොඩ දාන වැඩපිළිවෙල කරනකොට මොන විදියට හරි ආපහු බලය ලබා ගන්න උත්සහ කරනවා. මම වගකීමකින් කියනවා මේ අවුරුදු පහ පමණ් නෙවෙයි තව අවුරුදු 15ක් ගියත් මේ ආණ්ඩුව හොල්ලන්න අපි ඉඩ තියන්නේ නැහැ"යි පැවසීය.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 August 2016 16:16