May 11, 2024

යෙහෙළියන් දෙදෙනෙක් සිරුරට ගිනි තබාගෙන මියයයි

බදුල්ල මඩෝල්සිම, පිටමාරුව රෝබේරි වත්ත ප්‍රදේශයේ පදිංචි 17වියෙහි පසුවන යෙහෙලියන් දෙදෙනෙක් එකම නිවසේ එකම කාමරයක දී සිරුරට ගිනි තාබාගෙන සිය දිවි නාසගෙන ඇති බව මඩෝල්සිම පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නව නිවස රෝබේරි වත්ත පිටමාරුව පදිංචි සේල්වකුමාර් කාංචනා සහ ලයිම් අංක 14 රෝබේරි වත්ත පිටමාරුව පදිංචි පරමේස්වරම් අරුල්සෙල්වි නැමැති තරුණියන් දෙදෙනෙකි.

පොලීසිය සඳහන් කරන්නේ සේල්වකුමාර් කාංචනා නමැත්තිය එම ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවත්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇගේ පියා පසුගිය 30වැනිදා ඇයට තරවටු කිරිම හේතුවෙන් සිත් තැවුලට පත්වී මෙලෙස මෙම යෙහෙලියන් දෙදෙනා සියදිවි නසාගන්නට ඇති බවත්ය.

ඊයේ (01) උදැසන සේල්වකුමාර් කාංචනාගේ නිවසේ දී මොවුන් සිරුරට ගිනි තබාගෙන ඇති අතර සේල්වකුමාර් කාංචනා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර පරමේස්වරම් අරුල්සෙල්වී බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මෙම තරුණියන් දෙදෙනා ඥාති සොයුරියන් බවත් එකම පාසලේ එකම පන්තියේ ඉගෙන ගෙන ඇති බවත් ඔවුන් කුඩා කාලයේ සිටම හොදම යාළුවෝ දෙදෙනෙක් බවත් මෙතෙක්කල පරික්ෂණ වලින් අනාවරණය වු බව ම‍ඩෝල්සිම පොලීසිය පවසයි.

ඔවුන්ගේ මෘතදේහ මේ වනවිට බදුල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්ච‍ාත් මරණ පරික්ෂණය අද (02) සවස සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මඩෝල්සිම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

බදුල්ල - පාලිත ආරියවංශ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 August 2016 17:13