July 05, 2024

රිය අනතුරකින් පොලිසියේ 5ක් රෝහලේ

අද (25) උදෑසන බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ පිංඅරාව ප්‍රදේශයේ දී පොලිස් නිළධාරීන් ගමන්ගත් මෝටර් රථයක් මාර්ගය අසල තිබූ කොස් ගසක ගැටී ඔවුන් සියලුදෙනා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.‍

මෙලෙස තුවාල ලබා ඇත්තේ බදුල්ල පොලිසියට අනුයුක්තව සේවයේ නිරත නිලධාරීන් 05දෙනෙකි.

අනතුරට ලක්වූවන් අතර පොලිස් පරික්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරු 03දෙනෙක් හා කොස්තාපල්වරයෙක් සිටින බව වාර්තා වේ.

ඔවුන් වැල්ලවාය ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

රෝහල්ගතව සිටින දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරික්ෂණ මෙහෙයවයි.

බදුල්ල - පාලිත ආරියවංශ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 09:32