May 13, 2024

ගැටගසා සිටි කිරිදෙනුන් සහ පැටවා මරා මස් රැගෙන ගිහින් (PHOTOS)

දඹුල්ල, බකමුණ ප්‍රධාන මාර්ගයේ උනපදුරුයාය කලුන්දාව ප්‍රදේශයේ කුඹුරක බැඳ සිටි කිරි දෙනුන් 04දෙනක් සහ මාස 03ක කුඩා පැටවකු මරා මස් රැගෙන ගොස් ඇති බවට අද (25) උදෑසන කලුන්දාව ප්‍රදේශයේ ගොවියෙකු දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් කොට තිබේ.

ඊයේ (24) සවස තම කිරි දෙනුන්ට කෑම ලබාදී ඔවුන් ගස්වල බැඳ තිබූ බවත් පසුවදා උදෑසන කිරි දෙවීමට එනවිට සතුන් බැඳ සිටි ඇල මාර්ගය අසල තම කිරි දෙනුන් හතර දෙනාගේ හා එක පැටවකුගේ හම, කකුල් හා බඩවැල් පමණක් දැකගැනීමට හැකිවූ බවත් කිරි ගොවියකු වූ කලුන්දාව පදිංචි කේ .ජි .කිරිබණ්ඩා මහතා පැවසිය.

එම එක කිරි දෙනකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බවත් දිනකට එක දෙනකු කිරි ලීටර් 12ක් 15ත් අතර ප්‍රමාණයක් ලබාදෙන බවත් ඔහු කියා සිටියේය.

තමන්ගේ පවුලේ ආර්ථිකය රඳා පැවතුන් මොවුන්ගෙන් ලබාගන්නා කිරිවලින් ලබන ආදායමෙන් බව පැවසූ ඒ මහතා තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.

දඹුල්ල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකරන අතර මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

ඡායාරූප පහතින්.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 16:59