July 05, 2024

මවක් තම දියණිය සමඟ දුම්රියට පනී

ඊයේ (17) බදුල්ල සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට හපුතලේ, තංගමලේ දුම්රිය ගේට්ටුව අසල දී මවක් තම කුඩා දියණිය සමඟ පැන ඇතැයි හපුතලේ පොලීසිය සඳහන් කරයි.

රාත්‍රී 08.00ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් අදාළ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති ඇති අතර බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දියණිය දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 32 හැවිරිදි වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක බව පොලීසිය සඳහන් කරයි.

ඇය සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හපුතලේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

බදුල්ල - පාලිත ආරියවංශ

Rate this item
(0 votes)
Last modified on Monday, 18 July 2016 15:02