July 05, 2024

එකම පවුලේ 3කට මරු කැඳවූ මාරක රිය අනතුර (VIDEO)

මාතර - කොළඹ ප්‍ර‍ධාන මාර්ගයේ හබරාදූව කහවැන්නාගම හංදිය ආසන්නයේ දී ත්‍රිරෝද රථයක් හා පුද්ගලික බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු මාරක රිය අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ දෙදෙනෙකු ඇතුලු 03දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ත්‍රිරෝද රථයේ ගමන්ගත් තවත් තරුණයෙක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රොහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඊයේ (17) රාත්‍රී 10.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල බූස්ස රිල්ලබ ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකි.

කොළඹ සිට මාතරට ධාවනය වු පුද්ගලික බස්රථයක් ඒ දෙසින්ම ගිය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මාතර දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයේ මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත‍.

මොවුන් තිදෙනා ඊයේ රාත්‍රීයේ සහෝදරයකුගේ නිවසේ පැවති උපන්දින සාදයකට සහභාගී වී නිවසට යමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙම තිදෙනාම සංචාරක මග පෙන්වන්නන් ලෙස රැකියාව සිදුකරන බව වාර්තා වේ.

හබරාදුව පොලිසිය සඳහන් කළේ අනතුරට හේතුව බස්රථයේ රියදුරුගේ නොසැලකිල්ල බවයි.

බස්රථයේ රියදුරු හබරාදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 July 2016 10:05