May 13, 2024

ශිෂ්‍යත්ව පන්තියේ සිටි පාසල් සිසුවෙකු පැහැර ගැනේ (PHOTOS)

රජයේ පාසලක පහ වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගිය බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඊයේ (14) මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති සිසුවා හැටන් ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන්නෙකි.

පැහැර ගැනීමට ලක්වූ දරුවා අමතර පංතියකට සහභාගී වී තම පුංචි අම්මාගේ නිවසට යව අතරමඟ දී නාඳුනන පුද්ගලයින් 03දෙනෙකු විසින් ත්‍රී රෝද රථයකට නංවාගෙන ගොස් ඇති අතර එහිදී ඔහුගේ අත පය සහ කට ගැට ගසා තිබේ.

ඉන්පසුව ඔහුව නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ තේ කර්මාන්ත ශාලව අසලදී දමා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිසුවා විසින් තලවාකැලේ දුම්රිය ස්ථාන නිළධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් මැදිහත් වී ඔහුව දෙමව්පියන් වෙත භාර දී ඇති අතර දෙමව්පියන් විසින් සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සිසුවා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Friday, 15 July 2016 17:22