May 13, 2024

බලපත්‍ර නොමැති වැඩිහිටි නිවාසයක් වටලයි (VIDEO)

වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් කාන්තාවක් විසින් නිසි අවසරයක් හෝ බලපත‍්‍රයක් නොමැතිව මුදල් අයකර පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසයක් වැටලීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ හා අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (04) කටයුතු කළේය.

ඊයේ දහවල් වේයන්ගොඩ ප‍්‍රදේශයේ දී මෙම වැටලීම කරනු ලැබූයේ නීත්‍යානුකූල නොවන අන්දමින් සුදුසුකම් නැති අයකු විසින් වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන බවට ලැබී තිබූ පැමිණිලි අනුවය.

දෙමහල් නිවසක ඉහළ මාලයේ මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි වැඩිහිටියන් 12 දෙනෙකු රදවා සිට ඇත.

මේ අතර නිසි ප‍්‍රතිකාර නොමැතිව සිටි රෝගී වැඩිහිටියන් දෙදෙනෙකු වේයන්ගොඩ පොලීසියේ ද මැදිහත්වීමෙන් වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 July 2016 14:44